පිළිකා කාරක පොල්තෙල් සම්බන්ධයෙන් CID පරීක්ෂණ

Featured Political Sri Lanka

පිළිකා කාරක පොල්තෙල් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඒ සඳහා නිළධාරී කණ්ඩායමක් පත්කර ඇති බවය.

නීතීපතිවරයාගේ උපදෙස් මත මෙම පත් කිරීම සිදුකර ඇති බව ඔහු පැවසීය.

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිළධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා පත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *