අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් අත්අඩංගුවට

Featured Sri Lanka

සපුගස්කන්ද ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අප්‍රේල් 10 දින අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් බැගින් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඊයේ (11) දින ජා ඇළ ප්‍රදේශයේ දී කළ මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් සිව්දෙනෙක් හා සැකකාරියක් සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්නකිරීම් අනුව සිදුකළ විමර්ශනවලින් පසුව අද දිනයේ දී සපුගස්කන්ද, රග්ගහවත්ත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය පැක් 91 සොයාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *