බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් 900කට අධික පිරිසක් අත්අඩංගුවට

Featured Sri Lanka

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමක දී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත 11 උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ එම විශේෂ මෙහෙයුම සිදුකළ බව පොලීසිය පැවසීය.

එහිදි අත්අඩංගුවට ගත් සැකකරුවන් 925 දෙනා අතරින් අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 40 දෙනෙකු, වරෙන්තුකරුවන් 306 දෙනෙකු, දුෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 518 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *