කඩා වැටී ඇති බතික් කර්මාන්තය නැවත නගා සිටුවීමට රජය කටයුතු කරනවා – අමාත්‍ය දයාසිරි ජයසේකර

ලොරි පිටින් මෙරටට ගෙන්වන පිටරට ඇඳුම් හේතුවෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදකයින්ට ඉඩක් ලැබී නොමැති බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද(06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ය. ආනයන හා අපනයන පනත යටතේ වන රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප […]

Continue Reading

ශ්‍රී ලංකාවේ උසස් වර්ගයේ මැණික් හා ස්වර්ණාභරණ විදේශිකයින්ට මිලදී ගැනීමට අවශ්‍ය වෙළඳපළ දේශීය වශයෙන් ව්‍යාප්ත කරනවා – සංචාරක ඇමති

විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවේ උසස් වර්ගයේ මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමට අවශ්‍ය වෙළඳපළ දේශීය වශයෙන් ව්‍යාප්ත කිරිම තුළින් මෙරට මැණික් හා ස්වර්ණාභරණ වෙලඳපළ මෙන්ම සංචාරක කර්මාන්තයද ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොළඹ දී පැවති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සාමාජික හමුව අමතමින් අමාත්‍යවරයා සඳහන්කළේ ජාත්‍යන්තර වෙළඳපලේ ශ්‍රී ලංකාවේ මැණික් සහ […]

Continue Reading

මත්තල ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා පස් අවුරුදු නව සැලැස්මක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත්කරලීමේ පස් අවුරුදු නව සැලැස්මක් ක්‍රියාවට නැංවේ.‍ ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම “ ආකර්ෂණීය ගමනාන්තයක් (An exotic tourism destination) ” තේමාව යටතේ ඉදිරිපත් කර ඇති මෙම පස් අවුරුදු සැලැස්ම මඟින් 2025 වසර වන විට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වැනිම සක්‍රීය ගුවන් තොටුපොළක් බවට පත්කිරීමට අපේක්ෂිත බව […]

Continue Reading

මැටි භාණ්ඩ නිපැයුම්වලට අගය එකතු කොට වෙළඳපොළට හඳුන්වාදීමට අවබෝධතා ගිවිසුමක්

කොයොලින් සුලබ පාංශු සංඝටක භාවිතයෙන් අගය එකතු කරන ලද නව නිපැයුම් නිපදවිම හා වෙළඳපොළට හදුන්වාදීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම වේවැල්,පිත්තල,මැටි,ලිබඩු සහ ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.ඒ.බි.වි බණ්ඩාරනායක මහතා සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්යය සුදත්ත ලියනගේ මහතා අතර 25 දින අමාත්‍යාංශයේ දී සිදු විය. මෙහිදි අදහස් දැක් වු වේවැල්,පිත්තල,මැටි,ලිබඩු සහ ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන […]

Continue Reading

ප්‍රතිසංස්කරණය කළ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

ප්‍රතිසංස්කරණය කළ වසර 183ක් පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු කොළඹ කොටුව යෝර්ක් වීදියේ පිහිටි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය (Grand Oriental Hotel) ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 18 රාත්‍රියේ විවෘත විය. යහපාලන ආණ්ඩුව සමයේ දී ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය විකිණීම සඳහා ලංසු නිකුත් කරන ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත. මේ බව සැලවීමත් සමඟ ග්‍රෑන්ඩ් […]

Continue Reading

දේශීය ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සැලසුම්ගත වැඩපිළිවෙළක් – ජනපති

ඇඟළුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනුග්‍රහය දීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. ඒ සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන බවද එතුමා පවසයි.ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ නියෝජිතයන් සමග ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. ශ්‍රී […]

Continue Reading

යාන් ඔය මැටි නිධිය ආශ්‍රිතව උළු කර්මාන්ත පුරයක් සැකසීමට පරිසර අමාත්‍යාංශයේ අවධානය

අප රටේ උළු කර්මාන්තය සඳහා අවශ්‍ය මැටි හිඟකම නිසා දේශීය උළු කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ පා සිටින බව උළු කර්මාන්ත කරුවන් හා පැවැති සාකච්ඡාවක දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඔවුන් පෙන්වා දී තිබිනි. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් හඳුනාගෙන ඇති පරිදි විශාල මැටි නිධි දෙකක් යාන්ඔය හා අම්පාර ප්‍රදේශවල පිහිටා තිබෙන බව […]

Continue Reading

කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය එළිදක්වයි

කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ එළිදැක්වීම 2021.03.12 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. දැනට කොල්ලුපිටිය වෙළඳපොල පවතින ස්ථානයේ මහල් 39කින් යුතුව නව වෙළඳ හා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතය.එහි පළමු, දෙවැනි හා තෙවැනි මහල් මුළුමනින්ම වෙළඳ සංකීර්ණය වෙනුවෙන්වෙන් වේ. අටවැනි මහලේ සිට ඉහළට කුලුනු දෙකක් මත ඉදිවන මහල් […]

Continue Reading

ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කෙරේ

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අලුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ඊයේ (12) දින සවස විවෘත කෙරිණි. ලංකාවේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයෙකු විසින් සම්පූර්ණ ආයෝජන මුදල එකවර ගෙවන ලද ව්‍යාපෘතියක් […]

Continue Reading

ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර හෙට විවෘත කෙරේ

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අළුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර හෙට (12) දින සවස 5.00 ට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ […]

Continue Reading