මෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

මෙරට හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 100,517ක් වනවා

Continue Reading

අවුරුදු සමයේ විශේෂ මෙහෙයුමක්

අවුරුදු සමයේ කෝවිඩ් රෝගය පැතිර යාම වළක්වා ගැනීම සහ රිය අනතුරු වලක්වා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Continue Reading

රුපියල් 5,000 දීමනාව ලබාදීම අප්‍රේල් 12 සහ 13

අඩු ආදායම්ලාභීන් සහ සමෘද්ධිලාභීන් වෙනුවෙන් ලබාදීමට තීරණය කළ රුපියල් 5,000 දීමනාව එළඹෙන 12 සහ 13 යන දිනවලදී ලබාදීමට තීරණයකර තිබේ. අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් රජය මගින් මෙම දීමනාව ලබාදීමට සැලසුම්කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. ඒ අනුව එම 5,000 දීමනාව සමෘද්ධි බැංකු හරහා ලබාදෙනු ඇති.

Continue Reading

උත්සව සමයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස යුද හමුදාපති ඉල්ලයි

එළඹෙන උත්සව සමයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එහිදී ඔහු ඉල්ලා සිටින්නේ මුඛ ආවරණ පැළඳීම ද නිසිලෙස සිදුකරන ලෙසය. මේ අතර එළඹෙන උත්සව සමය තුළ රට වසා තැබීමක් හෝ සංචරණ සීමා පැනවීමක් කිසිසේත්ම සිදු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන […]

Continue Reading

අවුරුදු සමයේ අනවශ්‍ය ලෙස ඒකරාශී වෙමින් සතුටු සාද පැවැත්වීමෙන් වළකින්න – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

අවුරුදු සමයේ අනවශ්‍ය ලෙස ඒ්කරාශී වෙමින් සතුටු සාද පැවැත්වීමෙන් වළකින ලෙසත් ඒලෙස කටයුතු කළ හොත් කොවිඩ් නව රැල්ලක් ඇති නොවිය හැකි බවත් වසංගත රෝග විද්‍යා ඒ්කකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කළේය. ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී කොවිඩ් 19 හමුවේ අවුරුදු සැමරීම සම්බන්ධව පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. අද උදෑසන […]

Continue Reading

චීනය පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් තොගය ජනපති ගුවන් තොටුපොලේ දී භාර ගනී

චීන රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් තොගය චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) මහතා විසින් කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය. ජනාධිපතිතුමා චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණ. චීනයේ බීජිං අගනුවර ජාතික බයෝටෙක් ඖෂධ සමාගම “සිනොෆාම්” […]

Continue Reading

ගුවන්තොටුපළේ PCR රසායනාගාරය පෞද්ගලික අංශයට පැවරීමට කුමන්ත්‍රණයක් ඇතැයි කරන චෝදනාව පදනම් විරහිතයි – ඇමති ප්‍රසන්න

කටුනායක ගුවන්තොටුපළේ PCR රසායනාගාරය පෞද්ගලික අංශයට පැවරීමට කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවට එක්තරා සෞඛ්‍ය වෘත්තීය සංවිධානයක් කරනු ලබන චෝදනාව ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සදහා විපක්ෂය සමාජ ගත කරමින් සිටින බොරු ප්‍රචාරවල තවත් කොටසක් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වූවක් බවයි. කටුනායක ගුවන් තොටුපළේ PCR […]

Continue Reading

‘ස්පුට්නික්- වී’ එන්නත් මිලියන 7 ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන හතක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 69.65ක් වැය වන බව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවේ දැක්වේ. එම එන්නත් මිල දී ගැනීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. එසේම […]

Continue Reading

මහජනතාවට කොවිඩ් එන්නත් ලබාදීම අගමැතිතුමාගේ නිරීක්ෂණයට

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මහජනතාවට කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන අද 2021.03.11 දින පෙරවරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. නාරාහේන්පිටි අභයාරාම විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි පැවති 1200ක පිරිසකට කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහන මෙසේ නිරීක්ෂණය කළේය.

Continue Reading

ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි කොවිඩ්-19 එන්නත ලබාදීමට පියවර

අවුරුදු 30ට වැඩි සියලුම පුරවැසියන්ට කොවිඩ් එන්නත ලබාදීමට බලාපොරොත්තු වන බව සෞ⁣ඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ, ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් අද දින (8) කොළඹ ජාතික අක්ෂි රෝහලේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී අදහස් දක්වමිනි. දැනට හත් ලක්ෂ විසි දහස ඉක්මවූ ප්‍රමාණයකට එන්නත ලබාදී ඇති බවද, ඊයේ දිනයේදී […]

Continue Reading