2021 අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 සිට 30 දක්වා – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ, 09 වන දින බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,එමෙන්ම 05 […]

Continue Reading

රජයේ සියලු ම පාසල් ආරම්භ කිරීම සම්බන්ධ ව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ

2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි 2021/03/29වන දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් පලාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කොටඨාස භාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන් […]

Continue Reading

“කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි” ග්‍රන්ථය ජනපති ප්‍රධානත්වයෙන් එළි දකී

“කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි” පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ (17) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංස මහානායක හිමිපාණන්ගේ උපදේශකත්වයෙන් ඩබ්.ඒ. පද්මින් සමීර මහතා ග්‍රන්ථය සම්පාදනය කොට ඇත. උත්සවයට පැමිණි ජනාධිපතිතුමා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක හිමිපාණන්ගේ ඡායාරූපයට පුෂ්පෝහාර […]

Continue Reading

ජාතික පාසල් නගා සිටුවීම ලබන අප්‍රේල් මාසයේ සිට ආරම්භ කෙරේ – අධ්‍යාපන ඇමති

දැනට පවත්නා පාසල් විෂයමාලා අන්තර්ගතය රටේ වත්මන් ආර්ථික අවශ්‍යතා සහ රැකියා අවස්ථා සමඟ නොගැලපෙන බවත් රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ විෂයමාලා නවීකරණය ප්‍රමුඛ අංගයක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මාතර රාහුල විද්‍යාලයේ සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අලුතින් ඉදිකෙරෙන ගොඩනැගිලි නිරීක්ෂණය කිරීමට එම විද්‍යාල පරිශ්‍රය වෙත පැමිණි අවස්ථාවේ දී […]

Continue Reading

පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා වන ඩිජිටල් වේදිකාව මාර්තු 26 සිට ඇරඹේ

පුර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා වන ඩිජිටල් වේදිකාව එළිදැක්වීම මාර්තු මස 26 ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසී ය. ඒ මහතා මේ බැව් පැවසූයේ නව රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණක්’ සඳහා වන මූලික වටයේ සාකච්ඡාවක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා, නව රජයේ […]

Continue Reading

VTA ගමින් ගමට වැඩසටහන මාතරදී

රැකියා විරහිත තරුණ තරුණියන්ගේ රැකියා සිහිනය මල්ඵල ගන්වනු වස් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් පවත්වන VTA ගමින් ගමට වැඩසටහන පසුගියදා තලල්ල, හක්මණ සහ වැලිගම යන නගර වලදී පැවැත්වුණා. මෙමඟින් රැකියා විරහිත තරුණ තරුණියන්ට NVQ සුදුසුකම් සපුරාදී විදේශ රැකියා නියුක්ති කාර්‍යාංශයේ ඍජු අධීක්ෂණය යටතේ ජපානය, ඕස්ට්‍රේලියාව, ජපානය, මැදපෙරදිග රට වලට රැකියාවලට යොමු කිරීම සහ දේශීය […]

Continue Reading

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක විද්‍යාගාරයක්

දිඹුලාගල ආරණ්‍ය සේනාස‍නයේ විහාරාධිපති හා ශ්‍රී මහා කාෂ්‍යප මහ පිරිවෙන් අධ්‍යක්ෂ අතිපූජ්‍ය සිංහපුර චේතියාලංකාර නාහිමිපාණන්ගේ ඉල්ලීම පරිදි ඓතිහාසික පුලතිසි පුරවරයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වූ උදුම්බරගිරි හෙවත් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ස්ථාපිත පො/දිඹු/ශ්‍රී මහා කාෂ්‍යප මහා පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂූන් වහන්සේලා වෙත පරිගණක ඉගෙනුම් අවස්ථා සැලසීමේ අරමුණින් ජාතික යොවුන් සේනාංකයේ මැදිහත් වීම මත පරිගණක 20කින් යුත්, අන්තර්ජාල […]

Continue Reading

දරුවන් සඳහා දුරස්ථ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමට සහාය වීම කාලීන අවශ්‍යතාවක් – අධ්‍යාපන ඇමති

පවතින කොවිඩ් වාතාවරණය හමුවේ බොහෝ දරුවන් නිවසටම සීමා වී සිටින මෙවන් සමයක දුරස්ථ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමට සහාය වීම කාලීන අවශ්‍යතාවක් බවත් එය මැනවින් හඳුනා ගනිමින්,ඒ සඳහා සහාය වීම අතිශයින් අගය කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය . සමාගමක අරමුණ ලාභ ලැබීම වුවත් ලැබෙන ලාභයෙන් සැලකිය යුතු කොටසක් සමාජයේ සුභ […]

Continue Reading

Skills ශ්‍රී ලංකා වැඩසටහන ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්

“හැකියාවෙන් පිරිපුන් පරපුරක්” යන්න තේමා කර ගත් “Skills” ශ්‍රී ලංකා වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ කෙරිණ. ලෝක ආර්ථිකයට සහ වැඩ බිමට ගැළපෙන නිපුණතා සපිරි සුහුරු මානව සම්පතක් බිහි කිරීම අරමුණු කර ගනිමින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් […]

Continue Reading

වැඩිපුර බඳවාගත් සිසුන්ට සාපේක්ෂව විශ්වවිද්‍යාල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබාදෙයි

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව යමින් මෙවර වැඩිපුර බඳවාගත් සරසවි සිසුන් 10588 දෙනෙකුට සාපේක්ෂව විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබාදෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2021.03.02 දින පස්වරුවේ උපදෙස් දුන්නේය. විශ්වවිද්‍යාලවල අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා […]

Continue Reading