අහඹු ලෙස ලබාගත් පොල්තෙල් සාම්පල් 109ක පිළිකා කාරකය නැහැ

පාරිභෝගික සේවා අධිකාරිය විසින් වෙළඳපොළෙන් අහඹු ලෙස ලබාගන්නා ලද පොල්තෙල් සාම්පල් 109 ක ‘ඇෆ්ලටොක්සීන්’ පිළිකා කාරකය අඩංගු නොවන බව පාරිභෝගික සේවා අධිකාරියේ උසස් නිළධාරියෙකු පැවසීය. පාරිභෝගික සේවා අධිකාරිය වෙළදපොළෙන් ලබාගත් පොල්තෙල් සාම්පල් 160 කට අධික සංඛ්‍යාවක ඇෆ්ලටොක්සීන් අඩංගු නොවන බවට මේ වනවිට සනාථ වී තිබේ.

Continue Reading

පොල් තෙල් සම්බන්ධව අනවශ්‍ය භීතිකාවක් ඇති කර නොගන්න- අමාත්‍ය රමේෂ් පතිරණ

විස රසායනික අඩංගු පොල් තෙල් ලංකාවට ආනයනය කර තිබීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. එහිදී අමාත්‍යවරයා පැවසූවේ, ශ්‍රී ලංකාවට […]

Continue Reading

සහල් ඒකාධිකාරය බිඳ දැමීමට රජයෙන් වැඩපිළිවෙලක් – කෘෂිකර්ම ඇමති

මෙරට වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිකර ඇති ඒකාධිකාරිය බිඳ දැමීමට ආණ්ඩුවට කෙටි කලක් ගතවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ සහල් හිඟය ගැන සොයා බැලීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව අතරතුර රජයට එල්ල කළ චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනි.

Continue Reading

නාරාහේන්පිට “State Trust Center” වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරේ

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ස්ථාපිත “State Trust Center” වෙළෙඳ සංකීර්ණය ඊයේ (11) පෙරවරුවේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් විවෘත කෙරිණ. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ප්‍රදර්ශනාගාරය පුළුල් කර “රජවාස” වෙළෙඳ සංකීර්ණය ඉදිකර ඇත. එය රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන 78 කින් සමන්විතය. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාර රාජ්‍ය ව්‍යවසායකයන්ගේ හා දේශීය නිෂ්පාදකයන්ගේ […]

Continue Reading