චිත්‍රපට සංස්ථාවේ සහ පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් කොප් කමිටුව හමුවට

රජයේ චිත්‍රපට සංස්ථාවේ සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ  ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරකසභාව ( කෝප්)   හමුවට ලබන සතියේදී කැඳවන බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.  මේ අනුව රජයේ චිත්‍රපට  සංස්ථාවේ ප්‍රධානීන් ද මේ මස 20 දා  ශ්‍රී ලංකා  පාපන්දු සම්මේලනයේ  ප්‍රධානීන් ලබන 23 වැනිදා කෝප් කමිටුවට හමුවට කැඳවනු ඇත. එම ආයතනවල  සිදුව […]

Continue Reading

මියන්මාර අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයින්ට නිදහස

මාස තුනකට ආසන්න කාලයක් මියන්මාරයේ අත්අඩංගුවේ පසු වූ  ශ්‍රී ලංකාවේ ධීවරයින් 12 දෙනා නිදහස්කර ඇතැයි මියන්මාර ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී. ඒ අනුව මියන්මාර මිලිටරි පාලන ආණුඩව බාරයේ සිටි  ඔවුන්ව ඉදිරි දිනවලදී මෙරටට පිටුවහල් කරනු ඇතැයිද එම තානාපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී. මෙලෙස මියන්මාර අත්අඩංගුවෙන් මුදා හැර ඇත්තේ ඉකුත් ජනවාරි මස අගදී ත්‍රිකුණාමල […]

Continue Reading

රුපියල් පන්දහසේ දීමනාව තවත් පුළුල් වේ

සමෘද්ධි සහ අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් 5000 ලබාදීම නැවතත් අද (15) සිට ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව මෙතෙක් රුපියල් 5000 ලබා නොගත් පවුල්වලට අද සිට ඉදිරි දිනවලදී එම ආධාරය ලබාගත හැකි බව ද අමාත්‍යවරයා කියයි. මේ අතර රාමසාන් උපාසයේ නිරත අඩු ආදායම්ලාභී පවුල්වලට ද එම රුපියල් 5000ක දීමනාව […]

Continue Reading

රුපියල් 5,000 දීමනාව ගත හැකි කොන්දේසි

එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5,000ක දීමනාව ලබා දීමට අදාල විශේෂ චක්‍රලේඛය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ වන විට ප්‍රකාශයට පක් කර තිබෙනවා. ඒ අනුව රටේ පැවති හා පවතින කොවිඩ් ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල්වලට ඔවුන්ට ලැබෙන මාසික දීමනාවට අමතරව එක් වරක් පමණක් රුපියල් 5,000ක දීමනාවක් ගෙවිමටයි රජය තීරණය කර […]

Continue Reading

අහඹු ලෙස ලබාගත් පොල්තෙල් සාම්පල් 109ක පිළිකා කාරකය නැහැ

පාරිභෝගික සේවා අධිකාරිය විසින් වෙළඳපොළෙන් අහඹු ලෙස ලබාගන්නා ලද පොල්තෙල් සාම්පල් 109 ක ‘ඇෆ්ලටොක්සීන්’ පිළිකා කාරකය අඩංගු නොවන බව පාරිභෝගික සේවා අධිකාරියේ උසස් නිළධාරියෙකු පැවසීය. පාරිභෝගික සේවා අධිකාරිය වෙළදපොළෙන් ලබාගත් පොල්තෙල් සාම්පල් 160 කට අධික සංඛ්‍යාවක ඇෆ්ලටොක්සීන් අඩංගු නොවන බවට මේ වනවිට සනාථ වී තිබේ.

Continue Reading

රුපියල් 5,000 දීමනාව ලබාදීම අප්‍රේල් 12 සහ 13

අඩු ආදායම්ලාභීන් සහ සමෘද්ධිලාභීන් වෙනුවෙන් ලබාදීමට තීරණය කළ රුපියල් 5,000 දීමනාව එළඹෙන 12 සහ 13 යන දිනවලදී ලබාදීමට තීරණයකර තිබේ. අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් රජය මගින් මෙම දීමනාව ලබාදීමට සැලසුම්කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. ඒ අනුව එම 5,000 දීමනාව සමෘද්ධි බැංකු හරහා ලබාදෙනු ඇති.

Continue Reading

පිළිකා කාරක පොල්තෙල් සම්බන්ධයෙන් CID පරීක්ෂණ

පිළිකා කාරක පොල්තෙල් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඒ සඳහා නිළධාරී කණ්ඩායමක් පත්කර ඇති බවය. නීතීපතිවරයාගේ උපදෙස් මත මෙම පත් කිරීම සිදුකර ඇති බව ඔහු පැවසීය. සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිළධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා පත්කර තිබේ.

Continue Reading

2021 අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 සිට 30 දක්වා – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ, 09 වන දින බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,එමෙන්ම 05 […]

Continue Reading

අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය සඳහා හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වූ අජිත් මාන්නප්පෙරුම මහතා පත් කිරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබීය. මේ අනුව මාන්නප්පෙරුම මහතා එම මන්ත්‍රී ධූරයෙහි කතානායකවරයා ඉදිරියේ ඉදිරි දිනකදී දිවුරුම් දෙනු ඇත. රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ආසනය පුරප්පාඩු වී  ඇතැයි  පාර්ලිමේන්තු මහා ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය දා […]

Continue Reading

රටේ වත්මන් නායකත්වයට සැලසුම් සහගතව පහරදෙනවා – වෙඬරුවේ උපාලි අනුනාහිමි

රටේ වත්මන් නායකත්වයට සැලසුම් සහගතව පහරදෙමින් එම පාලනය බිඳ දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක වීම කණගාටුවට කරුණක් බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසයි. පොළොන්නරුව ගල් විහාරයේ පැවති අලුත් සහල් මංගල්‍යයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය. “ජනතාව ජාතික නායකත්වයක් ගොඩනඟාගත් අවස්ථාවේදී එය කඩා දැමීමට හතරවටෙන් පහරදෙමින් සිටින පරිසරයක් අපට පේනවා. සිදුවෙන යහපත් පැත්ත අමතකකර එම […]

Continue Reading