පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 702ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පොලිස් මුලස්ථානයේ දී අද (24) පැවති විශේෂ මධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පැවසීය. එමෙන්ම එම සැකකරුවන්ගෙන් 202 දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් තවත් 83 දෙදෙනෙකු ප්‍රශ්න කිරීම් සඳහා රඳවාගෙන සිටින බවත් ඒ මහතා […]

Continue Reading

මෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

මෙරට හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 100,517ක් වනවා

Continue Reading

සුරාබදු පනත සංශෝධනයට

වසර එකසිය අටක් පැරණි සුරාබදු ආඥාපනත සංශෝධනය කිරිමට සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ. එය නව පනතක් හෝ සංශෝධිත පනතක් ලෙස ඉදිරිපත් කෙරෙනු ඇති බවද අවසන් වාර්තාව අනුව එය තීරණය කෙරෙනු ඇති බවද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය. නව පනත සකස් කිරිම සඳහා සුරාබදු කොමසාරිස් ජෙනරාල් ඒ. ජේ. ගුණසිරි මහතා පහළොස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් […]

Continue Reading

චිත්‍රපට සංස්ථාවේ සහ පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් කොප් කමිටුව හමුවට

රජයේ චිත්‍රපට සංස්ථාවේ සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ  ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරකසභාව ( කෝප්)   හමුවට ලබන සතියේදී කැඳවන බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.  මේ අනුව රජයේ චිත්‍රපට  සංස්ථාවේ ප්‍රධානීන් ද මේ මස 20 දා  ශ්‍රී ලංකා  පාපන්දු සම්මේලනයේ  ප්‍රධානීන් ලබන 23 වැනිදා කෝප් කමිටුවට හමුවට කැඳවනු ඇත. එම ආයතනවල  සිදුව […]

Continue Reading

මියන්මාර අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයින්ට නිදහස

මාස තුනකට ආසන්න කාලයක් මියන්මාරයේ අත්අඩංගුවේ පසු වූ  ශ්‍රී ලංකාවේ ධීවරයින් 12 දෙනා නිදහස්කර ඇතැයි මියන්මාර ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී. ඒ අනුව මියන්මාර මිලිටරි පාලන ආණුඩව බාරයේ සිටි  ඔවුන්ව ඉදිරි දිනවලදී මෙරටට පිටුවහල් කරනු ඇතැයිද එම තානාපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී. මෙලෙස මියන්මාර අත්අඩංගුවෙන් මුදා හැර ඇත්තේ ඉකුත් ජනවාරි මස අගදී ත්‍රිකුණාමල […]

Continue Reading

රුපියල් පන්දහසේ දීමනාව තවත් පුළුල් වේ

සමෘද්ධි සහ අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් 5000 ලබාදීම නැවතත් අද (15) සිට ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව මෙතෙක් රුපියල් 5000 ලබා නොගත් පවුල්වලට අද සිට ඉදිරි දිනවලදී එම ආධාරය ලබාගත හැකි බව ද අමාත්‍යවරයා කියයි. මේ අතර රාමසාන් උපාසයේ නිරත අඩු ආදායම්ලාභී පවුල්වලට ද එම රුපියල් 5000ක දීමනාව […]

Continue Reading

අවුරුදු සමයේ හදිසි අනතුරු 39% කින් ඉහළට

13 සහ 14 දිනයන්හිදී හදිසි අනතුරුවලට ලක්වූ පුද්ගලයින්  309 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 39 ක වර්ධනයක්. මහාමාර්ගවල අනතුරු 77 ක්, වැටීම් අනතුරු 73 ක්, නිවසේ සිදුවූ අනතුරු 38 ක්, හිංසන ක්‍රියා අනතුරු 38 ක් සහ ගිනිකෙළි අනතුරු 04 ක් එම දින දෙකේදී වාර්තා වී ඇති […]

Continue Reading

රාජ්‍ය වෙසක් උත්සවය මෙවර යාපනයේ දී

රාජ්‍ය වෙසක් උත්සවය යාපනය අර්ධද්වීපයේ පැවැත්වීමට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ, රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව සෙසු පළාත්වල ද වෙසක් උත්සව පවත්වන බවය. කෙසේවෙතත් ඒ සඳහා තවත් […]

Continue Reading

සිංහල ජාතිකත්වය අවුරුදු සමයට පමණක් සීමා වෙලා – වෙඬරුවේ උපාලි අනුනාහිමි

වර්තමානයේ සිංහල ජාතිකත්වය අවුරුදු සමයට පමණක් සීමා වී ඇති බව අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ පවසති. කෙසේවෙතත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ද අතීතයට වඩා බෙහෙවින් වෙනස් වී ඇති අතර එය එතරම් කාලෝචිත තත්ත්වයක් නොවන බව උන්වහන්සේ පෙන්වාදෙති. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි […]

Continue Reading

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් 900කට අධික පිරිසක් අත්අඩංගුවට

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමක දී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත 11 උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ එම විශේෂ මෙහෙයුම සිදුකළ බව පොලීසිය පැවසීය. එහිදි අත්අඩංගුවට ගත් සැකකරුවන් 925 දෙනා අතරින් අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 40 දෙනෙකු, […]

Continue Reading